අපි අපේ ජීව දත්ත පත්‍රිකාව හදාගමු...
අපි අපේ ජීව දත්ත පත්‍රිකාව හදාගමු...
ආදරණීය නංගී මල්ලි, අක්කේ, අයියේ, නැන්දේ, මාමේ....
මම භාෂාවේ හසල දැනුමක් ඇති පොරක් නෙවෙයි.. ඒ වුනාට පුංචිම පුංචි දෙයක් දන්නවා අමාරුවෙන් ඉගෙන ගත්ත... දන්න නොදන්න හැමෝටම වැදගත්වෙයි කියලා හිතලා ලියන්නේ.
මම වෘත්තියෙන් ප්‍රමාණ සමීක්ෂකවරයෙක්, එක පාරටම කඩාගෙන පාත් වුනේ නැහැ. 2006 ඉදලා ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙනවා. දැනට ඉන්නේ ඩුබායි වල අවුරුදු 5ක විතර ඉදලා. මම පහුකරගෙන ආවේ හුගක් අමාරු පාරක් දිගේ, ඒක හින්දා වැටිච්ච තැන්, නැගිටිච්ච තැන් එමටයි... ඒක හින්දම ඒ අත්දැකීම් එක්කම මේ ලියමන
කාටහෝ වැදගත් වෙයි කියලා හිතලා ලියන්නේ...
මේ සහය සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකවරු වෙනුවෙන්, කවුරුන් හෝ එක්සත් අරාබි එමීර්හි (අබු ඩාබි, ඩුබායි, සහජා යනාදී එමීර් හතෙහි ) කොහේ හෝ සංචාරක වීසා ලබාගෙන ඇවිත් රැකියාවක් බලාපොරොත්තුවෙන් ලූ ලූ අත ජීව දත්ත පත්‍රිකා දාන අයට හෝ ලංකාවේ ඉදන් මෙහේ එන්න බලාගෙන හෝ වෙනයම් රටකට හෝ
අඩුම ගානේ ලංකාවේ හෝ රැකියා ඇබෑර්තුවකට දාන කෙනෙක්ට මේ දේ වැදගත් වේවී. ඒ විතරක් නෙවෙයි දැනට රැකියාවේ වෙනසක් බලාපොරොත්තුවෙන් ඉල්ලුම්පත් දාන අයට පවා වැදගත් වේවී.
අපි ඇරගෙන යන්නේ අපේ ලංකාවේ නම. මේ රටවල් වල ජීවිතේ හොදම කාලේ මෙහෙටම ගෙවලා අපිට අද ආඩම්බරයෙන් මම ලංකාවේ ප්‍රමාණ සමීක්ෂකවරයෙක් කියලා කියන්න පුලුවන්, සම්මුඛ පරීක්ෂණයකට ගිහින් කට ඇරලා, බය නැතිව මට මෙච්චරක් ඕනි, මේක තමා මගේ වෙළදපල මිල කියලා අනන්‍යතාවයක් හදලා දුන්න
දහසකුත් ජේෂ්ඨ වෘත්තිකයන් නිර්මාණය කරපු වෙළදපල අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අවතක්සේරු වෙනවට හෝ දුබල කරනවට මම හිතන්නේ අපි කිසිකෙනෙක් කැමති නැහැ.
ඔඹ ලංකාවේ කොහේ හෝ පාසලක, කොහේ හෝ කාර්මික විද්‍යාලයක, කොහේ හෝ රජයේ හෝ පුද්ගලික විශ්වවිද්‍යාලයක, පාසලක, සහතික පත්‍රයක්, ඩිප්ලෝමා සහතිකයක්, උපාධියක් දරපු කෙනෙක් වෙන්න පුලුවන්, ඒත් අපි නොදැනුවත්වම එක බොත්තමක් ඔඹලා අන්තර්ජාලය හරහා ඇබෑර්තුවලට ඔබේ ජීව දත්ත පත්‍රිකාව මුදාහරිද්දිම ඒ පුංචි පිටුව, දෙක ජාත්තයන්තර තරගකාරී වෙළද පොළක අනෙකුත් රටවල අයදුම්කරුවන් එක්ක කරට කර තරගයක් දීමට ශ්‍රී ලාංකීය නාමය ඔස්සේ නිකුත්වෙන තවත් එක් අයදුම් පතක් වෙනවා.. ඉතින් එතනදි ඔබ කොහෙන් ඉගෙනගෙන කොහොම ආවත් අවසානයේදි රටින් එලියට ගිහින් තියෙන්නේ තවත් එක් ශ්‍රී ලාංකිකයෙක්ගේ අයදුම් පතක් විදිහට.. ඒක නිසා අපි හැමෝම එකතුවෙලා අපේ අයදුම්පත් හරි ලස්සනට, පිලිවෙලට, වැරදි 200%ක්ම නැති කරගෙන අභිමානයෙන් ඉදිරිපත් කරමු.
නම:
ලස්සනට ලියමු, හොදම සැකසුම නම් දෙකක්, උදාහරණයක් විදිහට මගේ නම බුලත්ගම වෙදගේ සුපුන් නිර්මාණ් චතුරංග, මම ආසයි මගේ නම මෙහෙම්මම තියෙනවට, ඒත් අපේ ජීව දත්ත පත්‍රිකා බලන්නේ එක එක රටවල මිනිස්සු, සමහර අයට හරියට අපේ නම කියවගන්නත් අමාරුයි.
බී. ඩබ්. එස්. එන්. චතුරංග, බී.ඩබ්. සුපුන් එන්. චතුරංග. සුපුන් නිර්මාණ් චතුරංග යන විදිවලට මේක කොට කරලා ලියන්න පුලුවන්, ඒත් එහෙම එපා, සුපුන් චතුරංග හරි සුපුන් නිර්මාණ් වගේ නම් කොටස් දෙකක් විතරක් තියෙන්න ලියන්න. ඒක් හරි පැහැදිලියි.

නමට යටින්:
ප්‍රමාණ සමීක්ෂකවරයෙක් හෝ ලබාගත් අධ්‍යාපන සුදුසුකම් ලියද්දි හරියට ප්‍රවේශමින් ලියන්න. සමහර අය Quantity Surveying කියලා ලියනවා, සමහර අය q සිම්පල් වලින් පටන් ඇරන් ලියනවා. හරියට ලියන්න, Quantity Surveyor කියල. උපාධි ලියද්දි, ලස්සනට ලියන්න, නොදැනුවත්ව BSC කියල ලියනව, වරහන් ඇතුලේ Hons එන්න ඕනි එකට QS කියලා දාලා ඊටපස්සේ Hons කියලා දානවා, තවත් වෙලාවකට BSc. (Hons) Quantity Surveyor කියලම ලියනව.. හරියට ලියන්න පුරුදු වෙමු, නියම විදිහ තම BSc. (Hons) Quantity Surveying

දුරකතන අංක, ඊමේල්:
මෙව්වා ලියද්දි හරි පැහැදිලිව ලියන්න, Telephone Number කියල ජංගම දුරකතනයේ අංකය දාලා, මෙහෙ ඉන්න අය ලංකාවේ නම්බර්ස් දාලා, ලංකාවේ ඉදන් එවද්දි, නිකම්ම නම්බරය විතරක් දාලා. එහෙම නෙවෙයි, අපි හරියට ලියමු. රටේ අංකය හිස් තැනක් සේවා සපයන්නගේ අංකය හිස්තැනක් මුල් අංක තුන හිස්තැනක් අවසානයේදි අංක හතර. උදාහරණයකට +971 50 000 0000. ලංකාවේ අංක 077 000 0000 කියලා ලියන්න එපා. මෙහෙ ඉන්න අය රටේ නම්බර්ස් හොයලා කතාකරන්න තරම් විවේකීව නැහැ. Mobile, Telephone කියලා ලියනවාට වඩා M: +971 00 000 000 , T: +971 0 000 0000 කියලා ලියද්දි අලුත් ගතියක් එනවා. ඊමේල් ලියද්දි පුලුවන් තරම් ලස්සන ඊමේල් එකක් හදාගන්න බලන්න. JV_ROX@gmail.com වගෙ නැතිව නමත් එක්ක උපන්වර්ෂය හරි, නමත් එක්ක තිතක් QS හරි කෙනෙක්ට අකුරු වැරදෙන්නේ නැතිව ලියන්න පුලුවන් එකක් හදාගන්න. ලියද්දි ඒකේ හයිපලින්ක් වෙලා නිල් පාට වෙන එක අයින් කරලා සුපුරුදු කළු පාටින්ම තියන්න අන්ඩලයින් නොකර.
ඇඩ්‍රස් ලියද්දි, ලියුම් පෙට්ටිය, මාවත, ගම, නගරය දිගට ලියන්න එපා. මෙහෙ අයට ඒක වැදගත් නැහැ ඔයා කොච්චිකඩේද,අගුනකොලපැලැස්සෙද කියලා. උදාහරණයක් විදිහට, P.O. Box 00,000, Kegalle, Sri Lanka වගේ පුලුවන් තරම් කෙටිකරන්න, මෙහෙ ඉන්න අය, ඉන්න කාමරේ ඇදේ අංකේ ඉදන් ලියන්න එපා, සරලව අනු නගරයයි, එමීරයයි, රටේ නම කෙටි කරලා U.A.E. කියල දාන්න.

විධායක සාරාංශය:
පරම්පරාගනනාවකින් පැවතගෙන එන එකම දේ කොපි කරලා ලියන්න එපා. නිර්මාණාත්මක වෙන්න, කව්ද, මොනවද සුදුසුකම්, වසර කීයක් පළපුරුදුද, මොන අංශයේද, මොනවටද දක්ශකම් තියෙන්නේ, කොහෙටද යන්නේ වගේ කෙනෙක්ට පේලි 3, 4කින් කියවලා සම්පූර්ණයේන්ම තේරුම් ගන්න පුලුවන් ලියමනක් ලියන්න.

සුදුසුකම්:
ලබාගෙන තියෙන ඉහළම සුදුසු කමේ සිට පහළට ලියන්න, විදිමත් වෙන්න, ලංකාවේ කියලා දන්නවා, ඒත් මෙන්න මේ උපාධිය, ඩිප්ලෝමාව, සහතිකය, මෙන්න මේ ආයතනයෙන් මෙන්න මේ අවුරුද්දේ, මේ නගරේ මෙ රටේ කියලා ලියන්න, මම මෙක කලා, මෙක කලා කියලා ලියන්න ඕන්නැහැ.
උදාහරණයක් National Diploma in Quantity Surveying in the University of Vocational Technology (UNIVOTEC) Ratmalana, Sri Lanka (2009/2011) වගේ. A/L සහ O/L පවා ලියනවනම Ordinary Level කියලම ලියන්න දිග වචනයෙන්, සහ ඉගෙන ගත්ත පාසල රටත් එක්ක දාන්න.

පළපුරුද්ද:
මේක වරද්දනවා හැමෝම, පළපුරුද්දත් එක්ක දැන්ට වසර කීයද කියලා දාන්න, මුලින්ම පටන් ගන්න අන්තිමටම වැඩ කරපු තැනේ ඉදලා. ආයතනයට ගරුත්වයක් දීලා M/s. කියල ආයතනයේ නම ලියන්න
පහලින් දරපු තනතුර ලියන්න
සේවාව සැපයූ කාලය ලියන්න,
රාජකාරී සහ වගකීම් කොටසට ලියන්න ප්‍රමාණ සමීක්ෂණයට අදාල දේවල්, වැඩබිම් පරීක්ෂකවරයෙකු විදිහට වැඩකලත් ඒක අදාලව ලියන්න, යොමුවෙලා හිටපු වැඩබිම් ගැන අවැසි නම් ලියන්න, අමතක නොකර මොන නගරේ මොන රටේද කියලා ලියන්න.
පුලුවන් තරම් ක්ෂේත්‍රයට අදාල දේවල පමණක් ලියන්න.

හැකියාවන් සහ දක්ෂතා:
මෙව්වට කරාටේ පුලුවන් කියලා ලියන්න එපා. ක්ෂේත්‍රයට අදාල දේවල විතරක් ලියන්න, ඇස්තුමේන්තු කරණය, පෙර සහ පසු කොන්ත්‍රාත් වැඩ, කොන්ත්‍රාත්ලියවිලි ලිවීම සම්භන්දව, තමන්ගේ මට්ටමට උචිත විදිහට ලියන්න, එක්ස්පර්ට් ඉන් FIDIC කියලා ලියන්න එපා ෆිඩික් එක දැකලවත් නැත්තන්

කැමැත්ත:
මෙතනදි හරියට අවධානය දෙන්න, වැඩිදුර අධ්‍යනය, ගවේෂණය, නිමැවුම් නිපැයුම් අංශය, ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන ආයතනයක බාහිර කටයුතුවලට අවැසි විදිහට ගැටගැහෙන දේවල් ලියන්න

පරිගණක හැකියාව:
මයික්‍රසොෆ්ට් වල තියෙන ඔක්කොම අවුරුදු ගාන ඕනි නැහැ. එක්සෙල්, වර්ඩ් සහ ඔටෝ කැඩ් ඇතුලු අන්තර්ජාල භාවිතය සහ විද්‍යුත් ඊමේල කලමණාකරනයේ හැකියාව ලියන්න.
ජයග්‍රහණ සහ ලබාගැනීම්: මෙතනදි ගමේ අවුරුදු උත්සවයේ සිට් ඉහලතැනටම අවශ්‍යය නැහැ, ඒත් ඔයාගේ හොදම දක්ෂතා තියෙන කොටස පිලිවෙලට ලියන්න.

නෑදෑ නොවන විනිසුරු පුද්ගල විස්තර:
එක් කෙනෙක් වාරි මාර්ග එකේ අනිත් එක්කෙනා සමුපකාර සභාපති වගේ එකකට එකක් ගැලපෙන්නේ නැති අයව දාන්න එපා, ඔයාගේ ප්‍රමාණ සමීක්ෂණය ගැන කෙනෙක්ගෙන් පසුවිපරමක් ගන්න පුලුවන් කෙනෙක්ගෙන් සහ ඒ වගේම ඔයාගේ චරිතය පිලිඹද තක්සේරුවක් ගන්න පුලුවන් කෙනෙක් දාන්න.

නම කොටස් දෙකකින්, ඊට යටින් එයාලගේ අධ්‍යාපන සුදූසුකම්, පසුව රැකියාවේ තනතුර, ආයතනය, නගරය, රට. ප්‍රමාණවත්උඩ ලිව්වා වගේ
E:
T:
M: දාන්න, T: නැත්තන් දෙන්නගෙම T: අයින් කරන්න, +971 හෝ +94 ගැලපීමටම ලියන්න

අන්තිමෙදි අයි ඩූ හියර් බයි කියලා ලියලා නමයි දුරකතන අංකයයි තිබ්බ නම් ඇති.
පිටු වල හෙඩර් ෆූටර් වලට දෙයක් දානනවනම් ලස්සනට ලියන්න
Supun Chathuranga | nirmssss@gmail.com | +971 00 000 0000 | Quantity Surveyor

මේ ඔක්කොම කරලා අන්තිමට New CV - 14.08.2017 කියලා Save කරන්න එපා.
Curriculum Vitae of Mr. Suss Chccc - Post of Quantity Surveyor
කියල ලස්සනට Save කරන්න.

කතාව දිගයි, ඒත් මේ පුංචි පිටු දෙක තුන මෙ ලෝකේ එක එක පැතිවලින් ආපු අය දකිනවා, අපි මොන තැන හිටියත් මේ දේවල් හරියට නැත්තන් එයාලා ඉස්සරහ අපිව පහලට වැටිලා පේන්නේ,
හම්බෙන හම්බෙන හැමෝගෙම ජීව දත්ත පත්‍රිකා එකතු කරලා අච්චාරු වෙච්ච එව්වා අයින් කරලා අකුරෙන් අකුර හරියට ලියලා අපේ රටෙ නමත් තියාගෙන ජීවිතේ ඉලක්ක වලට යමු.

ලියන්න හුගක් දේවල් තියෙනවා. පුලු පුලුවන් විදිහට ලියමු.
LinkedIn
Bayt
Naukrigulf
Indeed Jobs
GulfTalent
Career Structure
Bayt
Naukrigulf
Indeed Jobs
GulfTalent
Career Structure
වගේ ජීව දත්ත පත්‍රිකා පුරවන්න තියෙන හැම තැනකම හරියට මේ විදිහට ප්‍රතිසැකසුම් කරන්න.
අලුතෙන් එන නංගිලා මල්ලිලාට කියන්නේ, මෙහෙනම් ඩිරාම් 5000න් පහළ තනතුරුවලට යන්න එපා, ජීවත්වෙන්න අමාරුයි, ලංකාවේ සැපට ඉදලා මෙහෙ දුක විදින්න එපා ඇවිත්,
ලංකාවේ ඉදලා එන අය ගන්න ඉහළ පෙලේ අයියලා අක්කලාටත් පොඩි මතක් කිරීමක්, අපේ පොඩි එවුන් අඩු ගනන්වලට ඇරන් උන්ව දුකේ තියලා ලැබෙන බෝනස් වලට හිරවෙන්න එපා.
හැමෝම එකාවගේ හදාගෙන ගොඩ යමු,,
ඉන්න ටිකෙ මොකටද ගිජු වෙලා නේ..
ජයෙන් ජය හැමෝටම
බුලත්ගම වෙදගේ සුපුන්
Comments
Post a Comment