අපි අපේ ජීව දත්ත පත්‍රිකාව හදාගමු...
අපි අපේ ජීව දත්ත පත්‍රිකාව හදාගමු... ආදරණීය නංගී මල්ලි, අක්කේ, අයියේ, නැන්දේ, මාමේ.... මම භාෂාවේ හසල දැනුමක් ඇති පොරක් නෙවෙයි.. ඒ වුනාට පුංචිම පුංචි දෙයක් දන්නවා අමාරුවෙන් ඉගෙන ගත්ත... දන්න නොදන්න හැමෝටම වැදගත්වෙයි කියලා හිතලා ලියන්නේ. මම වෘත්තියෙන් ප්‍රමාණ සමීක්ෂකවරයෙක්, එක පාරටම කඩාගෙන පාත් වුනේ නැහැ. 2006 ඉදලා ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙනවා. දැනට ඉන්නේ ඩුබායි වල අවුරුදු 5ක විතර ඉදලා. මම පහුකරගෙන ආවේ හුගක් අමාරු පාරක් දිගේ, ඒක හින්දා වැටිච්ච තැන්, නැගිටිච්ච තැන් එමටයි... ඒක හින්දම ඒ අත්දැකීම් එක්කම මේ ලියමන කාටහෝ වැදගත් වෙයි කියලා හිතලා ලියන්නේ... මේ සහය සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකවරු වෙනුවෙන්, කවුරුන් හෝ එක්සත් අරාබි එමීර්හි (අබු ඩාබි, ඩුබායි, සහජා යනාදී එමීර් හතෙහි ) කොහේ හෝ සංචාරක වීසා ලබාගෙන ඇවිත් රැකියාවක් බලාපොරොත්තුවෙන් ලූ ලූ අත ජීව දත්ත පත්‍රිකා දාන අයට හෝ ලංකාවේ ඉදන් මෙහේ එන්න බලාගෙන හෝ වෙනයම් රටකට හෝ අඩුම ගානේ ලංකාවේ හෝ රැකියා ඇබෑර්තුවකට දාන කෙනෙක්ට මේ දේ වැදගත් වේවී. ඒ විතරක් නෙවෙයි දැනට රැකියාවේ වෙනසක් බලාපොරොත්තුවෙන් ඉල්ලුම්පත් දාන අයට පවා වැදගත් වේවී. අපි ...